මෙරට 3,450,000කට එන්නත්
ඊයේ (26) දිනය වනවිට කොරෝනා එන්නත් මාත්‍රා 3,453,960 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව, සයිනොෆාම් එන්නත් 1,533,780 ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර, දෙවැනි මාත්‍රාව ලෙස ලබාදී ඇති එම එන්නත් සංඛ්‍යාව 490,850 ක්.
925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 372,868 ක්.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව 14,425 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.