ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනුම් දීමක්

සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට නැවත සේවාවන් ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර ශාඛා මගින් තවදුරටත් සේවා සැපයෙන්නේ නැහැ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊ චැනලින් මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් මෙලෙස සේවා සැපයීම ආරම්භ වන අතර එම කටයුතු සිදුනොවන ශාඛා මගින් සේවා ලබා ගත හැකි දින සහ වේලාවන් ඉදිරියේදී දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කළා.