“අපි එකතු වෙලා අලුත් වැඩක් කරමු” රනිල්ට යෝජනාවක්
රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දී සිය අසුනේ අසුන් ගැනීමෙන් පසු පළමුවෙන්ම සුභ පතා තිබෙන්නේ සමගි ජන බලවේග මන්ත්රී කුමාර වෙල්ගම මහතාය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
සුභ පැතීමෙන් නතර නොවූ වෙල්ගම මහතා රනිල් වික්රමසිංහ මහතාට යෝජනාවක්ද කොට තිබෙන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
“ඔබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස ආපු එක හොඳයි.අපි එකතුවෙලා අලුත් වැඩක් කරමු” යයි වෙල්ගම මන්ත්රීවරයා වික්රමසිංහ මහතාට යෝජනා කළ බවයි ඒ අසල සිටි මන්ත්රීවරුන් සඳහන් කරන්නේ.