ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොරෝනා රෝගියෙක්වත් මිය ගිහින් නැහැ – සිසිර ජයකොඩි
ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් හෝ මෙතක් මිය ගොස් නැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ, අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ වන විට ආයුර්වේද රෝහල් තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර මධ්‍යම රජයට අයත් සියලුම් රෝහල් මෙන්ම ශික්ෂණ රෝහල් තුළද එම ප්‍රතිකාර සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.