කළකිරී ආණ්ඩුවෙන් ගැලවෙන්න ඉන්න ශ‍්‍රීලනිපයට අලුත් ඇමතිකම් 04ක් ..
ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට එන බවට වාර්තා වන බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමත් සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා ද කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තාවෙයි.
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථිකය සම්බන්ධ ඇමති ධුරයට දිවුරුම් දෙනු ඇති බවත් ඔහුගේ අමාත්‍ය ධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජනය මණ්ඩලය ඇතුළු ආර්ථික මර්මස්ථාන කිහිපයක්ම ඇතුලත් වනු ඇතැයිද සඳහන්ය.
පරිසර අමාත්‍ය ධුරය තමන්ට ලබා දෙන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට තිබේ
මීට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ට ද රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ