ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුට කොරෝනා

ඉංග්‍රීසි බසින් පළ කෙරෙන සතිඅන්ත ජාතික පුවත්පතක‍ මාධ්‍යවේදියෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ, අදාළ පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ආවරණය කරනු ලබන මාධ්‍යවේදියෙකුට වන අතර ඔහු පෞද්ගලික රෝහලකින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම මාධ්‍යවේදියාට රජයේ රෝහලකින් නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන නොවැම්බර් 03 වන දා පාර්ලිමේන්තුවට පැමිණ මාධ්‍ය ආවරණය කටයුතු සිදුකිරිම නවතා ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.