MCC ගිවිසුම අත්සන් තබන ආණ්ඩුවක ඉන්නේ නැහැ’ – විමල් වීරවංශ

MCC ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක තමන් නොසිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (29) ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් ආර්. පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී MCC ගිවිසුම අත්සන් නොකළ බවය.

එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ සෘජු ස්ථාවරය බැවින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම කලබල වීමට කාරණයක් නොවන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන් ම, MCC ගිවිසුම අත්සන් කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා රජයේ කාර්යයක් මිස තමන්ගේ කාර්යයක් නොවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසූ බව අමාත්‍ය විමල් විරවංශ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේය.