අවසර නැතිව බස්නාහිර පළාතෙන් පිටවූවන්ට එරෙහිව නීතිමය පියවර

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල පිටව ගොස් ඇති පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, ඊයේ (29) දිනයේ නිරෝධායන නියෝගවලට පටහැනිව බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇති පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා මෙම මෙහෙයුම ක්‍රියාත්මකය

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලැගුම්හල්, නවාතැන් ස්ථාන, හෝටල් ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

ඒ අනුව, අවසරයකින් තොරව කොළඹින් පිටවූ පිරිස්වලට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.