පොහොර ගැටලුව ගැන කෘෂිකර්ම ඇමති සහ පරිසර ඇමතිත් කතා කරයි

රට තුල පවතින පොහොර හිඟය මුල් කර ගනිමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

වැලිමඩ –  ඌව පරණගම ගොවිජන එකමුතුව අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූයේ සපුගොල්ල වෙල්යායේ සිටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම, පවතින පොහොර හිඟයට විරෝධය දක්වමින් පඩුවස්නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට ද ප්‍රදේශයේ ගොවීන් උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, උද්ගතව ඇති පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගය නොච්චියාගම ප්‍රදේශයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් සඳහා ගොවි සමිති 12 ක නියෝජිතයින් එක්ව සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් සිදුකරන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

මේ අතර, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් ගොවීන් සහ ජනතාව මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පොහොර ගැටලුව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවට මෙම කන්නයේදී පොහොර නොමැතිවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට තමන් පසුබවට නොවන බවයි.