මෙරට රැකියා අවස්ථා චීන ජාතිකයින්ට
දමිළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, යාපනයේ රැකියා අවස්ථා චීන ජාතිකයින්ට රැකියා ලබා දීමට ගත් තීරණය ගැන ප්‍රශ්න කර තිබේ.
යාපනයේ ව්‍යාපෘති කිහිපයකම සේවය කරන චීන ජාතිකයෙකුගේ පින්තූරයක් සිය ට්වීට් ගිණුමේ සටහන් කරමින් ඔහු මෙලෙස ප්‍රශ්න කරයි.
පේදුරු තුඩුව ආශ්‍රිතව සිදු කරන මාර්ග ඉදි කිරීමේ කටයුතු මෙලෙස සිදු කරන බවත් යාපනයේ බොහෝ තරුණයින් රැකියා විරහිතව බාවයට අරගල කරන බවත් එලෙස තිබියදී මෙවැනි වැඩබිම් වල අවස්ථා යාපනය තරුණයින්ට ලබා දිය නොහැක්කේ මන්දැයි සුමන්තිරන් මහතා ප්‍රශ්න කර තිබේ.