වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්!
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
මේ වන විටත් ඒ පිළිබද සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බවද මන්ත්‍රීවරයා පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව අද (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මව්රට පුවත්පත පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට පිවිසීමට එකගතාව පළ කොට ඇති බවත්, ඉදිරි කාලය ඇතුළතදී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇති බවත්ය.