බස්නාහිර පළාතේ 60 ට වැඩි අයට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව
බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සහ හෙට දින වලද සිදු කෙරෙනවා.
ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුළදී එම එන්නත් ලබාදීමට කටයුතු යොදනු ඇති.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 45 ක කාලයකින් අනතුරුව දෙවන මාත්‍රාව ලබාගත්තද ඉන් ලැබෙන ප්‍රතිදේහ ප්‍රතිචාරය ඉතා ඉහළ බව සිදුකළ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වී ඇති බවයි රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ ප්‍රකාශ කළේ.
මේ අතර, අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා එන්නතක තුන්වැනි මාත්‍රාවක් ඇණවුම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක සභාවේ නිර්දේශ හිමි වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවපර්ධන කියා සිටියේ.