ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවත් මොඩර්නා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල
ඉන්දීය විකෘති කොරෝනා වෛරස් ඩෙල්ටා ප්‍රභේදයට අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ වනවිටත් ලොව පුරා රටවල් 89 ක සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතිනවා.