රජයේ දේපල පැවරීමක් වළක්වන ලෙස ඉල්ලා පෙත්සමක්
රජය මගින් ස්ථාපිත කර ඇති සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම සහ සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම් වෙත රජය සතු දේපල පැවරීම සහ බදුදීම වළක්වන තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වෘත්තීය ඉංජිනේරුවරයෙකු විසින්.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 19 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.
පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ වගඋත්තරකාර සමාගම් රජයේ ප්‍තිසම්පාදන ක්‍රියාවලියට යටත් නොවන බැවින් අදාළ සමාගම් වෙත රජය සතු දේපල පැවරීම සහ බදු දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.