පළාත් පාලන ආයතන 6ක පුරප්පාඩු පිරවේ
මෙතෙක් පුරප්පාඩුව පැවැති පළාක් පලාන ආයතන 6 කට සභාපතිවරුන් දෙනෙකු සහ සභිකයන් සිව් දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.
ඒ අදාළ තේරිම් භාර නිළධාරිවරුන් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන 6 කට අනුවයි.
මේ අනුව, මෙතෙක් පුරප්පාඩු වී පැවැති පදියතලාව ප්රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස දිනේෂ් පරාක්රම තෝරා පත් කර ඇති අතර, අම්පාර නගර සභාවේ සභාපතිවරයා ලෙස කැළුම් කුමාර ප්රනාන්දු තෝරා පත් කර තිබෙනවා.
මීට අමතරව, කොළොන්න ප්රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභික ධුර සඳහා සිංගප්පුලිගේ රත්නායක සහ ඇහැලියගොඩ ප්රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති සභික ධුරය සඳහා රසිකා අරුණකාන්ති තෝරා පත් කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනවල දැක්වෙනවා.