වඳවී ගිය බවට සැලකුණු මීයන් විශේෂයක් සොයා ගැනේ
මීට වසර 150 කට පමණ පෙර වඳවී ගොස් ඇති බවට සැලකුණු මීයන් විශේෂයක් ඕස්ට්‍රේලියානු දූපතකින් සොයා ගත් බව පර්යේෂකයන් පිරිසක් තහවුරු කරනවා.
වඳවී ගොස් ඇති මීයන් වර්ග 8 කගේ සහ ඊට සම්බන්ධ මීයන් විශේෂ 42 ක ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් අනතුරුවයි මේ බව අනාවරණ කරගෙන ඇත්තේ.
1788 වසරේදී යුරෝපීයන්ගේ ආගමනයත් සමඟ ඕස්ට්‍රේලියාවට ආවේණික සත්ත්ව විශේෂ පරිහානියට ලක්ව තිබූ අතර ඒ පිළිබඳ අදාළ පර්යේෂකයන් අධ්‍යයනයන් සිදුකර තිබුණා.