කපුදූව අන්තර් හුවමාරුව අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මග ජනතා අයිතියට පත් කිරීම හා සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබීමද අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවලට සම්බන්ධ වනුයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි.

මේ අතර, දුෂ්කරතා මැද කටයුතු කළාහොත් එහි ප්‍රතිඵලය කවදා හෝ රටට ඉතිරි වන බවට වන විශ්වාසයෙන් වැඩ කළ යුතු බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවයින පුරා ගම්මාන 500 ක් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට අරලියගහ මන්දිරයේදී ඊයේ  එක්වෙමින්.