කුරුණෑගල නගරය වසා දමයි
කුරුණෑගල නගරයේ සියලුම ව්යාපාරික ආයතන වසා දමන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා. කුරුණෑගල නාගරික සීමාව තුළින් ආසාදිතයන් සැළකිය යුතු ප්රමාණයක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කුරුණෑගල නරග සභාවේ සේවය කරන සේවකයන් 08 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම එකම ගම්මානයක පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මෙම නියෝගය කඩකරන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසීය පවසන්නේ.
බස්නාහිර පළාත හැරෙන්නට පසුගිය දිනවලදී වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්රික්කයෙනි.