ප‍්‍රංශයේ නීස් නගරයේ අන්තවාදියෙක් දෙව්මැඳුරකට කඩාවැදී තිදෙනකු ඝාතනය කරයි

ප‍්‍රංශයේ නීස් නගරයේ ජනතාව භීතියෙන් සලිත වෙති – ටියුනිසියානු අන්තවාදියෙක් දෙව්මැඳුරකට කඩාවැදී තිදෙනකු ඝාතනය කරයි

ප‍්‍රංශයේ සුප‍්‍රකට නීස් නගරයේ පිහිටි බැසිලිකා දෙව්මැඳුරට කඩාවැදුණු ඉස්ලාමීය අන්තවාදියෙක් කාන්තාවකගේ හිස ගසා දමා තවත් බැතිමතුන් දෙදෙනකුට පිහියෙන් ඇන මරා දමා ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙය සිදු කළ ඝාතකයා ටියුනීසියානු ජාතික බ‍්‍රහ්මින් අවුසායි නැමැත්තෙකි. සංක‍්‍රමණිකයකු වූ මොහු ඉතාලියේ ලැම්සෙපාඩු දූපත වෙත සංක‍්‍රමණික බෝට්ටුවකින් පැමිණ එතැන් සිට පැරිසියට අවුත් ඉන්පසු නීස් නගරයට පැමිණ තිබේ. ප‍්‍රංශ බලධාරීන් පැවසුවේ ටියුනීසියානු ඝාතකයා අල්ලාහු අක්බාර් යනුවෙන් කෑගසමින් එම අපරාධ සිදු කළ බවයි. ඔක්තෝබර් 29 දා මහමත්තුමාගේ උපන්දිනය යෙදී තිබූ අතර එම දිනය තුළම මෙම බිහිසුණු ඝාතන සිදු කිරීම ගැන මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන් සිය නොසතුට පළ කර තිබේ.

ප‍්‍රංශ පොලිස් ප‍්‍රකාශකයකු මෙම සිද්ධිය ගැන තොරතුරු හෙළි කරමින් දෙව්මැදුර අසළ රැඳී සිටි සන්නද්ධ පොලිස් භටයන් මොහුට 14 වතාවක් වෙඩි තබා අල්ලා ගත් පැවසීය.

මොහු ළඟ තිබී අඟල් 12 ප‍්‍රමාණයේ පිහි දෙකක් ද ජංගම දුරකථන දෙකක්ද හමුවී තිබේ.

මියගිය තිදෙනා අතර දෙව්මැදුරේ භාරකරු ද වේ. එසේම බ‍්‍රසීල කාන්තාවක් ද මියගිය අයවලූන් අතර වේ.

මේ අතර මැලේසියානු හිටපු අගමැති මහාතිර් මොහමඞ් ප‍්‍රංශ ජාතිකයන් ලක්‍ෂ ගණනක් මරා දැමිය යුතු යැයි පැවසීම ගැන ලොව පුරා විරෝධතා මතුවී ඇත.