අනාචාරය අපරාධයක් නොවේ. Adultery is not a Crime!

බොහෝ අය තාමත් හිතන්නේ අනාචාරය කියන්නේ අපරධයක් කියලා. ඒ බහු විවාහයත් පටලගෙනයි.
බහු විවාහය කියන්නේ දෙවරක් හෝ කිහිප පාරක් විවාහ වෙන එක. එතකොට අනාචාරය කියන්නේ විවාහය නැමැති ගිවිසුමට එකඟවු කෙනෙක් හෝ දෙදෙනාම එම ගිවිසුමේ පාර්ශව කරුවන් නොවු වෙනත් අය එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙන එක. තවත් විදියකට කියනවා නම් අනාචාරය කියන්නේ විවාහකයකු තම කාලත්‍රයා (spouse) නොවන වෙනත් පුද්ගලයකු සමග ලිංගික සංවාසයේ යෙදීමයි.

? අනාචාරය ගැන ලංකාවේ නීතිය මොකද්ද?
ලංකාවේදී මෙය විවාහ ලියාපදිංචි කිරීමේ පනත අනුව 12.2 වගන්තිය අනුව වෛවාහක වරදක්. විවාහ ගිවිසුම අවසන් කරන්න හේතු වෙන කාරනයක්. ඒ වගේම විවාහක වරද කරන තැනැත්තාට එරෙහිව වන්දි ගැනීමටත් සිදුවන කාරනයක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

? අනචාරය කියන්නේ මොකද්ද?
අනාචාරය වෙන්නේ කොහොමද කියලා බලනවා නම්, මේකට අදාළ පනත අද සිද්ධ වෙන තරම් ලිංගික ක්‍රියාකාරකම් වර්ධනය නොවු කාලෙක හදපු පනතක්. ඒක අනාගත ලිංගික ක්‍රියාකාරකම් උපකල්පනය කරලා හදපු පනතක් නොවේ, ඒ හින්දම එහි සීමා සහිත කම් තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලදී ලංකාවේ විවාහ ලියපදිංචි කිරීමේ පනත සංශෝධනය වෙන්න ඕනා කියලා යෝජනා කරලත් තියෙනවා.
ලංකාවේ දික්කසාද නීතිය කියන්නේ වරදකරුවා කවුද කියලා සොයා බලන නීතියක් මිසක් වරදට හේතුව මොකද්ද කියලා හොයන නීතියක් නෙමේ. ඒ අනුව උසාවියට ලබාදී ඇත්තේ වරද කරු කවුද?, එම තැනැත්තා නම් කිරීමත්, හානියට පත් තැනැත්තාට වන්දි නියම කිරීමත් විතරයි. තවම ලංකාවේ දික්කසාද නීතිය ඒක. ඒ හින්දා අනාචාරය කල කෙනා වන්දි ගෙවන්න ඕනා.
පැරණි රෝම ලන්දේසි නීතියට අනුව එකිනෙකාගේ ශරීර අනිත් කෙනාගේ දේපලක් විදියට සළකන්න විවාහක අයට අවස්ථාව තියෙනවා. ඒ හින්දා ඒ දේපලට අයුතු ලෙස ඇතුලුවන අය වන්දි ගෙවන්න ඕනා.

? පෝස්ට් එක ඉස්සරහට කියවන් යන්න විත්තිකරු හා සමවිත්තිකරු කියන්නේ කවුද කියලා දැනගන්න?
A සහ B කියලා විවාහක යුවලක් ඉන්නවා කියලා උදාහරණයක් ගමු.
B කියන කෙනා X කියලා කෙනෙක් එක්ක අනාචාරයේ හැසිරෙනවා.
එතකොට මෙතැනදී B තමා විත්තිකරු,
X තමා සම විත්තිකරු.
විවාහක පිරිමියෙක් හෝ විවාහක ගැහැණියෙක් එක්ක ලිංගික සංසර්ගය කරන එම විවාහයෙන් පිටත ඉන්න පුද්ගලයාව තමා සමවිත්තිකරු හෝ සමවිත්තිකාරි විදියට ලංකාවේ නිතිය අනුව හඳුනා ගන්නේ.
ඒ විත්තිකාරිය හෝ විත්තිකරු ගේ දෙන්නෙක්ගේ විවාහයකට අයුතු විදියට ඇතුල්වෙන හින්දා ඒ කෙනාත් දෙන්නාගේ විවාහය දෙදරා යනවා නම් ඒකට වග කියන්න ඕනා. නීතිය අනුව ඒ පදනමෙන් එයාවත් නඩුවේ කොටස්කාරයකු හෝ කොටස්කාරියක කරනවා. ඒ වගේම එයාටත් නඩුවට සක්‍රීයව සහභාගී වෙන්න වෙනවා.
ඒ වගේම වරදක් කළා කියලා අධිකරණය තීරණය කරනවා මේ විත්තිකරු වන්දි ගෙවන්නත් ඕනා.

? ඒක වෙන්නේ කොහොමද?
කෙනෙක් තමන්ගේ සැමියා හෝ බිරිඳ තවත් කෙනෙක් එක්ක ලිංගික සංසර්ගය කරනවා කියලා සක් සුදක්සේ දන්නවා නම් දික්කසාදය පවරන්න පුළුවන්. දික්කසාදය පවරනවා නම් ඒ සක් සුදක් සේ දන්නා තුන්වන පාර්ශවය සමවිත්තිකරු හෝ කාරීය විදියට නම් කරලා සිතාසි යවන්න ඕනා.
සිතාසි හම්බෙලාත් සම විත්තිකාරිය/ කරු නඩුවට එන්නේ නැත්නම් නම් ඒ වගේ වෙලාවට එයාට එරෙහිව ඒක පාර්ශවීයව ඉල්ලන වන්දි ගෙවන්න නියම වෙනවා. නඩුවට ආවොත් පැමිණි පාර්ශවයට එරෙහිව නඩුව පවත්වාගෙන යනවා.
තමන් අනාචාරයේ හැසිරිලා නැත්නම් විත්තිකරු සහ සමවිත්තිකාර කියන පාර්ශව දෙකම නඩුවට ඇවිත් ඒ වෙලාවට ඔවුන් දෙන්නාම සක්‍රියව නඩුවට දාකය වෙලා තමන්ගේ නිර්දෝශී බව ඔප්පු කරන්න ඕනා, නිර්දෝශී බව ඔප්පු කරලා ඕනනම් තමන්ගේ කිර්ති නාමයට වු හානියට වන්දිත් ඉල්ලන්න පුළුවන්.

?සමවිත්තිකරුවන් නම් කරන්නේ කොහොමද?
ඔබට සක්සුදක්සේ සාක්ෂී නැත්නම් නිකරුනේ කෙනෙක්ව සමවිත්තිකරුවෙක් විදියට නම් කරන්න එපා. මොකද ඒක ඔබට පෙරළා පහර ගැසිය හැකි තත්ත්වයක්. ඒ හින්දා හොඳට සාක්ෂි ඇත්නම් විතරක් කරන්න.
ඒ වගේම කලින් කිව්වා වගේ ඔබව නිරපරාදේ සම සමවිත්තිකරුවෙක් කරලා තියෙනවා නම් ඔබේ නිර්දෝශී බව ඔප්පු කරලා තමන්ගේ කිර්ති නාමයට වෙච්ච හානියට වන්දිත් ඉල්ලන්න පුළුවන්. ඒ නිසා නීතීඥවරු ගොඩක් වෙලාවට සමවිත්තිකරුවන් නම් කරද්දී ප්‍රවේශම් වෙනවා.

? අනාචාරයට වන්දි තීරණය වෙන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට තමන්ට වුන පාඩුව, ඒ අනාචාරයේදී වු කෘරත්වය , විවාහය කඩාකප්පල් වීම, අසරණ වීම, මානසීක පීඩනය වගේ ගොඩක් කරුණු සාකච්චා කරලා තීරනය කරනවා. එක නඩුවක රුපියල් කෝටි 2ක් වන්දි විදියට තීරණය වුනා. අනාචාරය ප්‍රසිද්ධියේ කර තිබීම, අවිවාහක දරුවන් සිටීම හා අනෙක් පාර්ශවය කෘර ලෙස පළවාහැරිම වගේ දේවල් වන්දී මුදල වැඩි වෙන්න හේතු වෙනවා.
අද වන විට එහෙම අනාචාරයන් බහුලව වෙනවා වගේම ඒ වගේ නඩු වලට විශාල වන්දි දීලා දෙන්නගේ එකඟතාවයෙන් නඩු අවසන් කර ගන්න දෙපාර්ශවයම වග බලා ගන්නවා.

?ඒ කියන්නේ අනාචාරය ඔප්පු කරන්න බැරීද?
එහෙම නැ. අධිකරණය බලපොරොත්තු වෙන්නේ නැ ඔබෙන් ලිංගික සංසර්ගය කරද්දී අතටම අල්ල ගන්න එක, ඒක ඉතාම අපහසු කාරනයක්. ඒ හින්දා විවිධ සාක්ෂි මඟින් ඔප්පු කරන්න පුළුවන් නම් ඔබ සක්සුදක්සේ විශ්වාස කරන අනාචාරය ඔප්පු කරන්න පුළුවන්.
එහිදී මම දන්න නඩුවක පොලිසිය සමග අනාචාරය කරන දෙදෙනා සිටින තැනට ගියා. ගිහින් දෙන්නා ඒ කාමරයේ රාත්‍රී නිදන ඇඳුමින් එලියට ආව වෙලාවක ඒවා ඡායරූප ගත කරලා පොලිසියේ සටහනුත් ඉදිරිපත් කරලා අනාචාරය කල අයට කියන්න කිසිදු හේතුවක් ඉතුරු වෙන්නේ නැති විදියට අනාචාරය ඔප්පු කර ගන්න පුළුවන් වුනා.
ඒ වගේම, අද වන විට බොහෝ අය පුරුද්දක් කරගෙන සිටිනවා එහෙම කාමරයකට ගියාම ඡායාරූප ගන්න හෝ නිරුවත් ඡායාරුප ගන්න. ඒවා අහු උනොත් ගොඩක් ලේසි වෙනවා අනාචාරය ඔප්පු කරන්න.
ඒ වගේම කෙනෙක්, තමන් දරුවෙක්ගේ පියා නෙමේ කියලා පිතෘත්වය ප්‍රතික්ෂේප කරනවා නම් අනෙක් පාර්ශවයට සිද්ධවෙනවා ඒ දරුවා ගෙ සුජාත භාවය ඔප්පු කරන්න. නඩත්තු නඩුවකදී නම් DNA ගන්න පුලුවන්. මේව දැන් සරල වෙලා වගේම, අන්තර්ජාලය නිසා බොහෝ සම්බන්ධතා සංකීර්ණවෙලා.

?සමවිත්තිකරු කවුද කියලා හරියට දන්නේ නැත්නම්!
එහෙම වෙලාවට නඩු නොදා ඉන්න. කවුද කියලා දන්නවා නම් නඩු විභාගයට කලින් සාක්ෂි එකතු කරන්න.
ඒ වගේම පස්සේ හමු වෙන සාක්ෂි අනුව සමවිත්තිකරු කවුද කියන කියලා වෙනස් වෙනවා නම් අධිකරණයට කරුනු දක්වලා සම විත්තිය ගැන පැමිනිල්ල හෝ උත්තරය සංශෝධනය කරන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්න පුළුවන්. අධිකරණය ඒකට සාවධානව සවන් දේවී. තීරනයක් දේවී.
කෙටි පණිවිඩ, පින්තුර, කපල් ෆොටො හෝ facebook එකේ පල කරන දේවල් අනාචාරය ගැන සාධක විදියට කිව්වත් ඔබට ඔප්පු කිරීමට අපහසු වේවී.
එක නඩුවක රෙකෝර්ඩ් කරල තිබුණත් ඒක අධිකරණයට ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැ. මොකද අනෙක් පාර්ශවය කියන ගොඩක් දේවල් තිබුණත්, පොලීසියට දෙන සාක්ෂී පවා පිලිගන්න අධිකරණ බැඳීලා නැ. අනාචාරය ඔප්පු කරන එක අනිවාර්යයෙන්ම අවස්ථාගත කරුනු අනුව ඔප්පු කරන්න වෙනවා. ඒ වගේම ඉතා පැහැදිලිව ඔප්පු කරන්න වෙනවා.
ඔබ සූක්ෂම වුනත් ඒ දෙන්නා හෝටලයකින් එලියට එනවා දැක්ක පමනින් ඔප්පු කරන්න බෑ.
ඒ දෙන්න තනියම හෝ පුරුද්දක් හැටියට කාමරයකට යනවා නම් එහෙම යන කොට හැසිරීම CCTV දර්ශන විඩියෝ වගේ කාරණා ගොඩක් දාල එකිනෙක ගැට ගහලා තමයි අනචාරය ඔප්පු කර ගන්න වෙන්නේ.
ලේසිම දේ තමයී ද්වේශ සහගත ලෙස හැරයාම කියන වරදට දික්කසාදය ගැනීම. අනාචාරය ඔප්පු කරන්නම අවුරුදු 4ක් 5ක් යනවා.
අනාචාරයට නඩු දැමීම අමාරුත් නැ. ලේසිත් නැ.