යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන
නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දිමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු කෝප්රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය කටයුතු කලා.
පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසියට පසුගිය තිස් වැනිදා පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම සිද්ධියට යුදහමුදාවෙ කපිතාන්වරයෙකු කෝප්ර්ල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙකු සම්බන්ධ බවටයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදා පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණ වලදී අදාල කපිතාන් කපිතාන්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ සේරු නුවර කල්ලාර් යුද හමුදා කදවුරේ සේවය කල හමුදා සාමාජිකයින් පිරිසක්.
අත්අඩංගුවට ගත් හමුදා කපිතාන්වරයා ඇතුළු සිව් දෙනා නොරොච්චෝලේේ පොලිසියට භාරදී තිබෙනවා.
මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සිදුවීම පෞද්ගලික අමනාපයක් මත කරන ලද පෙළඹවීම්ක් හේතුවෙන් සිදු කරන ලද්දක් බවයි.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් සිව් දෙනා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිතයි.