නිරෝධායන ඇඳිරිය අස්සේ කොළඹ තරු හෝටලයක මඟුලක්.නඩු පවරානවා – අජිත් රෝහණ කියයි
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී වත්තල ප්‍රදේශයේ තරුණයකුගේ සහ කොටහේන ප්‍රදේශයේ තරුණියකගේ විවාහ ගිවිස ගැනීමක් ඊයේ (30 වැනිදා) කොළඹ ‘තරු’ හෝටලයක පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය විමර්ශනයක් අරඹා ඇත.
මෙම සිද්ධිය වාර්තා වී පොලිසිය එම ස්ථානයට යන විටත් අදාළ පාර්ශ්ව හෝටලයෙන් පිටව ගොස් තිබුණු බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී එම විවාහ ගිවිස ගැනීම පැවත්වූ පුද්ගලයන්ට මෙන්ම අදාළ හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නිරෝධායන නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර අදාළ හෝටලයේ ඊයේ පවත්වනු ලැබුවේ දෙමළ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයක් බව ඊයේ (30 වැනිදා)පස්වරුව වන විට සමාජ ජාල ඔස්සේ දිගින් දිගටම ප්‍රචාරය විය.