දිස්‌ත්‍රික්‌ක 24 කම කොරෝනා….

දිස්‌ත්‍රික්‌ක 24 කම කොරෝනා…. ආසාදිතයන් දස දහස පනී.. පන්නල ඇඟලූම් කම්හලක සේවිකාවක් හදිසියේ මියයයි…

වැඩිම ආසාදිතයෝ ගම්පහ සහ කොළඹ
රත්නපුර රෝහලේ දී දරු ප‍්‍රසූතියක් කළ මවකටත් කොරෝනා
කොග්ගල අඟලූම් සේවිකාවකටත් කොරෝනා
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වසා දැමේ

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ කොරෝනා රැල්ල ඊයේ (30 වැනිදා)වන විට රට පුරා දිස්ති‍්‍රක්ක විසිහතරක් දක්වා පැතිර ගොස් තිබුණු අතර ඒ හමුවේ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දසදහසේ සීමාව ඉක්මවා යමින් 10359 දක්වා ඉහළ ගොස් තිබිණි.

තවත් කොරෝනා ආසාදිතයන් 568 දෙනකු ඊයේ දහවල් වන විට හඳුනා ගැනීමත් සමග මෙසේ සමස්ත සංඛ්‍යාව දසදහසේ සීමාව ඉක්මවා ගියේය.