සයිප්‍රසය ලැව් ගිනි පාලනයට ජාත්‍යන්තර සහය ඉල්ලයි
සයිප්‍රසයේ ලිමසෝල් ප්‍රදේශය පුරා පැතිර යන ලැව් ගිනි පාලනය කිරීම සඳහා සයිප්‍රසය ජාත්‍යන්තරයේ සහය ඉල්ලා තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම ලැව් ගිනි තවදුරටත් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවයි.
එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.
මෙවර ඇතිව තිබෙන ලැව්ගිනි ව්‍යාප්තිය සැලකෙන්නේ සයිප්‍රස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙසයි.