ඉන්ධන සැපයුමට අදාළ ගිවිසුම් ගැන ඔපෙක් සංවිධානයේ තීරණය පමා වෙයි

ඉන්ධන සැපයුමට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් වන නව යෝජනාවලට එක්සත් එමීර් රාජ්‍ය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීම ඔපෙක් සංවිධානයට ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෞදි අරාබිය සහ රුසියාව ඒ පිළිබඳ දැනටමත් එකඟත්වයකට පැමිණ ඇති බවයි.

ඒ අනුව, අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා දෛනික බොරතෙල් බැරල් ප්‍රමාණය ලක්ෂ 4 කින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබුණා.

කොරෝනා අර්බුදය හේතුවෙන් ඔපෙක් ඉන්ධන නිෂ්පාදනය පසුගිය වසරේ මැයි මාසයේ සිට බැරල් මිලියන 10 කින් පමණ කප්පාදු කළ අතර මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ද ඇමෙරිකානු ඩොලර් 75 ඉක්මවා තිබෙනවා.

එය වසර දෙකහමාරකින් වාර්තා වූ ඉහළම ඉන්ධන මිලයි.