ටියුනීසියාවේදී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ගිලී 40 ක් මරුට
අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ගිලීයාමෙන් ටියුනීසියාවේදී පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිරිස ලිබියානු සුවාරා වරායේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි.
එහිදී යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මුහුදුබත් වී තිබෙනවා.
පසුව එහි සිටි 40 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර ඊජිප්තු, සුඩාන, එරිත්‍රියා සහ බංග්ලාදේශ ජාතිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 84 දෙනෙකු ගලවා ගැනීමට ටියුනීසියානු නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.