දුම්රියක ගැටී හෙද නිලධාරිනියක් මියයයි
ගාල්ල – මාතර දුම්රිය මාර්ගයේ අහංගම, දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් කරාපිටිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය සැමියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද පෙරවරුවේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාළ හෙද නිලධාරිනියගේ සැමියාට කිසිදු අනතුරක් වී නොමැති අතර ඔහු දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.