කොළඹ 30 ට වැඩි අයට යුද හමුදාවෙන් අද සිට එන්නත්
යුද හමුදා රෝහල ඇතුලු දිවයින පුරා මධ්‍යස්ථාන කිහිපයකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද සිට එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බි්රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, බත්තරමුල්ල – දියත උයන සහ වේරහැර පළවන වෛද්‍ය බලකාය යන ස්ථානවලදී එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති.
ඊට අමතරව අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී එන්නතකරණ කටයුතු සිදු කෙරෙනවා.
මේ අතර, එනන්ත් මාත්‍රා 02 කම ලබා ගත්ත ද නිසි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.