රත්නපුර මහ රෝහලේ දරු ප‍්‍රසූතියක් සිදු කළ මවකට කොරෝනා…

පවතින කොරෝනා රැල්ල හමුවේ රත්නපුර මහ රෝහලේ දරු ප‍්‍රසූතියක් සිදු කළ මවකට ද වෛරසය ආසාදනය වී තිබීමේ පුවතක් ද ඊයේ වාර්තා විය.

ප‍්‍රසූතිය සිදු කළ කතගේ සැමියා කොළඹ වරාය පොලිස් විශේෂ කාර්ය බළකා ඒකකයේ රාජකාරි කරන අතර ඔහු පසුගියදා නිවාඩු ලැබ නිවසට පැමිණ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ හෙළිකර ගෙන ඇත.

සිසේරියන් සැත්කමක් මගින් මෙම මව සිය දරු ප‍්‍රසූතිය සිදු කර ඇත. එම තත්ත්වය හමුවේ දරු ප‍්‍රසූතිය අවස්ථාවේදී ඇයට උපස්ථාන කළ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම විකිරණ ඒකකයේ පිරිසක්ද නිරෝධායනයට යොමු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

ඇය බිහිකළ දරුවා සෞඛ්‍යාරක්‍ෂිතව පසුවන අතර මව ප‍්‍රතිකාර සදහා කොළඹ අයිඞීඑච් රෝහලට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!