ආණ්ඩුවෙන් තනතුරක් දුන්නොත් ‘තිතට’ කරනවා
‘දැන් මට මේ ආණ්ඩුවෙන් යම් තනතුරක් දුන්නොත් උපරිමයෙන් මගේ සේවය මේ රට වෙනුවෙන් ඉටුකරනවා…’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (30 දා) පැවසුවාය.
වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් තමන් ඉදිරි කටයුතු කරගෙන යන බවද ඇය සඳහන් කළාය.
මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කියා සිටියාය.
සමගි ජනබලවේගයෙන් අපිව ඉවත් කරලනේ තියෙන්නේ. ඒකට කමක් නැහැ. මම දැන් මේ ආණ්ඩුව සමග ඉන්නවා. රටට වැඩක් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සමග මා ඉන්නවා. මගේ සහයෝගය උපරිමයෙන් මේ ආණ්ඩුවට ලබාදෙනවා. ඒ වගේම මට මේ ආණ්ඩුවෙන් තනතුරක් ලැබුණොත් උපරිමයෙන් රටේ ජනතාව වෙනුවෙන් සේවය ඉටුකරනවා. වැඩක් කරන්න බැරි අයත් එක්ක ඉඳලා වැඩක් නැහැ.
අනිත් එක තමයි මේ ආණ්ඩුව කොරෝනා මඬින්න විශාල වෙහෙසක් ගන්න කොට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් ඒ කටයුත්ත සාර්ථක කරගන්න අමාරුයි. ඒ සඳහා ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි.