ඇලෝෂියස්ගේ ‘මෙන්ඩිස්’ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි!

රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව රැගෙන තිබේ.‍

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රුපියල් බිලියන 17ක පමණ මුදලක් බදු සහ ණය මුදල් වශයෙන් ගෙවිය යුතුව තිබියදීත් ඇලෝෂියස් මහතාට මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමට යළි අවසර දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහතා ආන්දෝලනයක් මතුව තිබිණ.

ඉකුත් ආණ්ඩුව සමයේදී බැදුම්කර වංචාව පිළිබදව දිනපතාම පොල්ගෙඩි අකුරින් සිරස්තල පළ කළ මාධ්‍ය මෙදා ඒ පිළිබද වචනයකුදු හෝ සදහන් නොකිරීම විශේෂ සිදුවීමත් විය.

විශේෂයෙන්ම බදු නොගෙවා පැහැර හැර තිබියදී සහ ‌බරපතළ මූල්‍ය වංචා චෝදනාවන්ට ලක්වූ අයකුට වත්මන් ආණ්ඩුව යටතේ සහන ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වන ආකාරයක්ද දැකගත හැකි විය.

ඒ අනුව  කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත්පැන් බලපත්‍රය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.