පුහුණුකරු නොමැතිව ටෙහානි ඔලිම්පික් යයි
මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ඉසව්ව සඳහා සහභාගි වන නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙලට පුහුණුකරු නොමැතිව තරගාවලියට සහභාගි වීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
2018 වසරේ සිට එයාර් රයිෆල් මීටර් 10 ඉසව්වේ ජාතික ශූරිය වන ටෙහානිගේ පුහුණුකරු ලෙස යූ.එම්. ප්‍රේමලාල් කටයුතු කරන්නේ වසර 9ක පමණ කාලයක සිටයි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙවර ඔහු නොමැතිව ඔලිම්පික් උළෙල සඳහා ටෙහානිව සහභාගි කරවීම සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.