රතු පරිප්පු සහ සුදු සීනි ආනයනයට පියවර

රතු පරිප්පු සහ සුදු සීනි ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළඳ පොළේ ඒවා ඉහළ මිල ගණන්වලට අලෙවි වන බවට නිරීක්ෂණය වී ඇති බැවින් ඊට පිළියමක් ලෙස සමූපකාර ව්‍යාපාරය හරහා ඕස්ට්‍රේලියාවෙන් සහ ඉන්දියාවෙන් රතු පරිපපු සහ සුදු සීනි ආනයනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එලෙස ආනයනය කෙරෙන රතු පරිප්පු සහ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාර වෙළඳ ජාලය හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන්  කළා.


කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!