බැසිල්ගේ නම ගැසට් කෙරේ

පුරප්පාඩුව පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

අද පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාව රැස්වීමෙන් අනතුරුවයි ඔහුගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකෙරුණේ. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!