ලැම්ඩාත් මෙරටට ඇතුලුවීමේ අවදානමක
ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ප්‍රබල සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණේ කොළඹ කේන්ද්‍ර කර ගනිමින්.
කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙමින්.
මෙරට තුළ එන්නත් දෙකක් මිශ්‍ර කර ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. එන්නත් මිශ්‍ර කිරීම පිළිබදව ජාත්‍යන්තර පර්යේෂණ ගණනාවක් දැනටමත් සිදුකර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ පර්යේෂණයට අනුව මෙලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් ඉහළ ප්‍රතිශක්තීකරණයක් ගොඩනැගෙන බව අනාවරණ කර තිබෙනවා.
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නොවන එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සදහා සයිනොෆාම් එන්නත් ලබාදීම අද සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල් පරිශ්‍රයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.