ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් මොස්කව් වෙත ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් රුසියාවේ මොස්කව් දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක සිට මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන්තොටුපල අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ගමන් ආරම්භ කරනු ලබන්නේ පිරිමැසුම් පන්තියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා සමගින්.
සතියකට එක් වරක් සෑම සිකුරාදා දිනකම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති.
UL533 දරණ යානය රාත්‍රී 10.20 ට කොළඹින් පිටත්වී අලුයම 04.30ට මොස්කව් ඩොමොඩෙඩෝවෝ ගුවන්තොටුපළට ගොඩබසිනු ඇති.
යළිත් UL534 යානය මොස්කව් සිට රාත්‍රී 7.15ට පිටත්වී ඉරිදා උදෑසන 06.05ට කටුනායකට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8යි විනාඩි 25ක් පමණ වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 20ක ගමනාන්ත 37ක් වෙත පියාසර කළ අතර ක්‍රමයෙන් එම ජාලය නැවත ගොඩනගා ගනිමින් එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළා.