ඉන්ධන මිල වාර්තාගත ලෙස වැඩි වනු ඇතැයි නිවේදනය කෙරේ…
ලෝකයේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ඔපෙක් සංවිධානය නිවේදනය කරයි.
ඉන්ධන නිෂ්පාදනය ඉහළ දැමීම පිළිබඳව එම සංවිධානයේ පැවැති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
පවතින ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡා අසාර්ථක වී තිබේ.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් නැවතත් සාකච්ඡා ආරම්භ කර පොර තැන නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔවුන් කියා සිටියි.