ටෝකියෝ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි
එය අගෝස්තු 22 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.
මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ එරට මේ වනවිට සීඝ්රයෙන් පැතිර යන කොරෝනා තත්වය හේතුවෙන්.
ඉන් සියයට 30ක් බයානක ඩෙල්ටා ප්‍රභේදය බවටයි එරට කොරෝනා වෛරස පාලනය පිළිබඳව අමාත්‍ය Yasutoshi Nishimura විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගමීව ටෝකියෝ ආශ්‍රිතව මෙලෙස හදිසි තත්වයක් පැනවීමටයි ක්‍රියාකර ඇත්තේ.
මෙම මස 23 වනදා ඔලිම්පික් උළෙල ආරම්භවීමට නියමිතයි.
මේ අතර එරට ක්‍රීඩා ලෝලීන්ට මෙවර ඔලිම්පික් තරඟය නැරඹීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් වැඩිදුර සාකච්ඡා පැවැත්වෙන බවද සඳහන්.
එසේම ක්‍රීඩා ලෝලීන් නොමැතිව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වුනහොත් එය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ලොව ප්‍රථම ඔලිම්පික් උළෙල බවට පත්වනු ඇති.