පුංචි ආණ්ඩුවල මන්ත්‍රීලා රැක ගන්න සජිත්ගෙන් සැලැස්මක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි මේ සතියේ පැවැත්වුනේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. පාර්ලිමේන්තුවේ කටයුුතු පිළිබදව මෙන්ම දේශපාලන තත්වය ගැනද මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.

කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මර්දනකාරී වැඩපිළිවෙල කෙරෙහි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස අවධානය යොමු කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘‘මේ ආණ්ඩුව ජනතා මර්දනයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්නවා. විරෝධතා පැවැත්වීම මර්දනය කරමින් ජනතා මතය යට ගැනීමට ගන්නා උත්සාහයට එරෙහිව අපි නැගී සිටිය යුතුයි’’සජිත් කීවේ මර්දනයට එරෙහිව පුලුල් ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යා යුතු බව පවසමිනි.

ඒ අනුව සජිත් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව හඩ නැගුවේය. මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එල්ලවූ තර්ජනය පිළිබදව මෙන්ම විරෝධතා පැවැත්වීම නිසා අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් ගැනද ඔහු පාර්ලිමේන්තුවේදී කතා කළේ විපක්ෂ නායකයා යනු එක් පක්ෂයක නායකයෙක් නොව විපක්ෂයේ සියලුම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින නායකයා බව පෙන්වමිනි.

ඒ අතරම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් විසින් විරෝධතාවයක්ද සංවිධානය කළේය.

මේ අතර සමගි ජන බලවේගයට සහාය දුන් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරගෙන එල්වන තර්ජන ගැනත් මන්ත‍්‍රීකණ්ඩායමේ අවධානය යොමුවිය.

‘‘මේ මන්ත‍්‍රීවරු ඡුන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒත් අපිත් එක්ක තමයි ඉන්නේ. ඒ අයගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා බය කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා’’කබීර් හෂීම් පැවසුවේය.

‘‘විපක්ෂයේ වැඩ කරන පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කළාට පොහොට්ටුවත් එක්ක ඉන්න මන්ත‍්‍රීවරුන්ට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. ගාල්ල නගර සභාවේ පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා නෑ. ඒත් ගම් මට්ටමින් ආණ්ඩුවට විරුද්ධ වන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘මේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා තියෙන අයත් එක්ක තමයි ගමේ මිනිස්සු ඉන්නේ. මොන අභියෝග ආවත් ඒ අය සමගි ජන බලවේගය අතහැරලා ගියේ නෑ. ඒ නිසා මේ අය ආරක්ෂා කරගත යුතුයි’’නලින් බණ්ඩාර පැවසුවේය.

‘‘ඉදිරියේදී කොහොමත් පළාත් පාලන මැතිවරණයක් එනවානේ. ඒ නිසා ලංකාවම නියෝජනය වන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැදවමු’’ලක්ෂම්ක් කිරිඇල්ල විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයා ගෙන ආ යෝජනාවට මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිවුනේය.

‘‘නාම යෝජනා කැදවීමට අදාල කටයුතු ඉදිරි සති දෙක ඇතුළත සූදානම් කරන්න’’සජිත් මන්ත‍්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

‘‘නාම යෝජනා කැදවන වන විට මන්ත‍්‍රීධූර අහෝසි කළ හැත්තෑ දෙනාට ප‍්‍රමුඛත්වය දෙන්න’’තලතා අතුකෝරළ කළ ඉල්ලීමත් සියල්ලෝම පිළිගත්හ.

‘‘අපේ මන්ත‍්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීමට අපි කටයුතු කරන්න ඔ්න. ඒ ගැන මම විශ්ව විද්‍යාලයක් එක්කත් කතා කළා. ඒවට අවශ්‍ය සියලුම ප‍්‍රතිපාදන පක්ෂය විසින් දරනවා’’සජිත් මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපනය ගැන දැක්වු අවධානය සියල්ලන්ගේම අගය කිරීමට ලක් විය.