ලන්ඩන් සිට ආ ශ්‍රී ලංකන් යානයේ උඩදි තෙල් නැති වෙයි!
ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපොළේ සිට ලංකාව බලා පැමිණි UL-504 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයේ හදිසියේම ඉන්ධන හිගවීම හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රපුරම් ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇති බව වාර්තා වේ.
යානය කලින් ඔමානයේ මස්කට් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට අවසර ඉල්ලා තිබූ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් ඊට ඉඩ ලබා නොදීමට ඔමාන බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ හේතුවෙන් තවත් පැය තුනක ගුවන් ගමනකින් පසු යානය ඉන්දියාවේ ගොඩබස්වා ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් විනාඩි 40ක ඇතුළත නැවතත් ඉන්ධන පුරවාගෙන යානය ලංකාව බලා පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.
ඉකුත් 6 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බවද දැනගන්නට තිබේ.