අනුරගේ ප‍්‍රශ්ණයට සජිත් මැදිහත් වෙයි
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ඉල්ලා තිබුණේය. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර විසින් ගෙන එන යෝජනාවක් ලෙස එම විවාදය ලබාදීමට ආණ්ඩුව සූදානම් විය. මේ බවට තොරතුරු ලැබුණ වහාම පාර්ලිමේන්තුවේදී ඒ ගැන අවධානය යොමුවිය.
‘‘මේ විවාදය ඉල්ලුවේ අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීතුමා. එතුමා ඉල්ලපු විවාදයක යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රීකෙනෙක් ගෙනැත් හරියන්නේ නැහැනේ. එතුමා ඉල්ලුවේ එතුමාට යෝජනාව ගේන්න ඔ්න නිසා. ඔය විවාදය ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැුස්වීමේදී. ඒකේදි ගනිපු තීන්දු තීරණ හරියට ක‍්‍රියාත්මක කරන්න’’සජිත් ඉල්ලුවේය.
එහෙත් ආණ්ඩු පක්ෂයෙන් කීවේ තමන් එම යෝජනාව ගෙන ඒමට සුදානම් බවය. කතානායකවරයාත් ආණ්ඩුවේ කීම පිළිගෙන යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට සූදානම් විය.
‘‘කතානායකතුමනි, ඔබතුමා කතානායක පුටුවේ ගරුත්වය රකින්න. රූකඩයක් වීම ඔබට හොද නෑ’’සජිත් පාර්ලිමේන්තුවේදී කීවේය.
මේ අතර සජිත් පාර්ලිමේන්තුවේ සිටියදී පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතා කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තාවිය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස පී.සී.ආර්. පරීක්ෂණක් නොකර ඔවුන් නිරෝධායනයට දුර බැහැර ප‍්‍රදේශයකට රැුගෙන යාමට උත්සාහ ගන්නා බවටද ඔහුට තොරතුරු ලැබුණේය.
‘‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කාර හාමුදුරුවොයි, ලංකා ගුරු සේවා සංගමයේ ජෝසප් ස්ටාර්ලින් ඇතුළු තිස් එක් දෙනෙක් මේ විදියට අරගෙන යන්න හදනවා. මේක තමයි ආණ්ඩුවේ මර්දනයේ අලුත්ම මුහුණුවර.