මුදල් ඇමැති බැසිල් හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ගෙන්වයි
අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු පළාත් සභා නියෝජිතයින් අතර හමුවක් අද (11) කොළඹ දී පවත්වන ලදි.
එහිදී නව මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාස තැබූ ජනතා අභිලාශයන් සුරැකීමටත් අතිගරු ජානාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කිරීම උදේසා තමන් මුදල් අමාත්‍යවරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පුර්ණ කාලීනව කැප වන බවයි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ ආර්ථිකමය වශයෙන් රට අභයෝගයකට මුහුණ පා ඇති තත්වයේදී රටේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වූ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම් අවම බවයි.
එමෙන් ම ලොව සෑම රටක්ම මුහුණ දෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය මෙයට ප්‍රධානතම හේතුව බවත් මෙයට අප නොබියව මුහුණ දිය යුතු බව එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කලේය.