ධීවර අයිතීන් වෙනුවෙන් සජිත් සජබෙ මන්ත්‍රීවරුන් සමඟ අධිකරණ අමාත්‍යංශයට යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවුණු විනාශය සම්බන්ධව පහුගිය සිකුරාදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරණු ලැබූ ප්‍රශ්නයකට අනුව ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යංශයේ පවත්වණු ලබන සාකච්ඡාවකට විපක්ෂ නායකවරයාට ආරාධනා ලැබිණි.

එම සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත කියා සිටියේ මේ සම්බන්ධයෙන් ධනාත්මක කරුණු රැසක් ආණ්ඩුවට යෝජනා කළ බවයි. මෙම සාකච්ඡාවට විපක්ෂ නායකවරයා ඇතුළු දිලිප් වෙදආරච්ච, කාවින්ද ජයවර්ධන, නිරෝෂන්‌ පෙරේරා යන මන්ත්‍රීවරු සහභාගී විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!