විදේශ විනිමය හිඟය නිසා ලෙබනනයේ විදුලි සැපයුම අත්හිටුවයි
ලෙබනනයේ පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුදය වඩාත් තීවුර කරමින් එරට ප්‍රධාන විදුලි බලාගාර දෙකක් සිය ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට පසුගිය සිකුරාදා පියවර ගෙන තිබේ. ඒ එම බලාගාර සදහා ලෙබනන රජය විසින් ඇමරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු ගාස්තු ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙනි.
රටේ සමස්ථ විදුලි සැපයුමෙන් 40%ක පමණ ප්‍රමාණයක් ජනනය කරන බලාගාර දෙකක් මෙසේ සිය මෙහෙයුම් කටයුතු නතර කර තිබේ.
විදේශ විනිමය හිඟය නිසා රට පුරා බෙහෙත් හිඟයක් නිර්මාණය වී ඇති අතර පිළිකා සහ හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමැති වීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.
පසුගිය වසරේ ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ විශාල පිපිරීමෙන් පසු එරට රජය ඉල්ලා අස්වූ අතර ඉන් එරට පැවති අර්බුද වඩාත් උග්‍ර විය.
විදේශ සමාගම් එරට විදුලි නිශ්පාදනයේ වැඩි පංගුකරීත්වයක් හිමිකරගෙන සිටී.
විදේශ විනිමය සහ මුදල් සැපයුම නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ලෙබනන් ආර්ථිකය එහි අවාසනාවන්තම පරිජේදය කරාපි පිවිසී තිබේ.