බස්නාහිර පළාතෙන් පිටවූ 454ක් නිරෝධායනයට

බස්නාහිර පළාතෙන් පිටවූ 454ක් නිරෝධායනයට

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයින් 454දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් නියෝග මත නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දෙදින බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!