විපක්ෂ නායකතුමා සහ අන්තරේ අතර සාකච්ඡාවක්!
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සිය පක්ෂයේ තිරසාර ප්‍රතිපත්තිය බවත්, එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවත් විපක්ෂ නායකතුමා එහිදී පැවසීය. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ එයින් සිදුවන අනතුර පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය ද එහිදී සාකච්ඡාවට ගැනින.