සැමියාගේ හොර අල්ලන්න ගිය බිරියට වැඩ වරදී!
සිය සැමියාගේ හොර වැඩ අල්ලන්න ගිය බිරියකට අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිදුවීමක් ගල්කිස්ස දිසා අධිකරණයෙන් වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම බිරිදත්, සැමියාත් දෙදෙනාම වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වී සිටින්නෝය.
නමුත් දෙදෙනාම දික්කසාද වීම සදහා ගල්කිස්ස අධිකරණයේම නඩුවක්ද ගොනු කොට තිබේ.
එසේ තිබියදී සිය කාමරයට බිරිද අනවසරයෙන් ඇතුලු වී සිය පරිගණකයේ දත්ත සොරාගෙන ඇති බවත්, තමන්ගේ තොරතූරු සෙවීම සදහා යම් යම් සන්නිවේදන උපකරණ සවිකොට ඇති බවත් සැමියා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව විනිසුරුවරයා විසින් බිරිදට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.