දැරිය විකිණීමෙන් පසු කාන්තාවන් විකුණන වෙබ් අඩවි පෝලිමේ එළියට!
15 හැවිරිදි දැරිය විකිණීමට දමා තිබූ වෙබ් අඩවිය පිළිබද තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ ආකාරයටම කාන්තාවන් විකුණන වෙබ් අඩවි රැසක් පිළිබද පැමිණිලි මේ වනවිට පොලිසියට ලැබෙමින් පවතින බව වාර්තා වේ.
මෙම වෙබ් අඩවි මගින් මෙරට කාන්තාවන් පමණක් නොව විදේශීය කාන්තාවන්ද අලෙවි කිරීමට කටයුතු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව දැනගන්නට ඇත.
ඇතැම් කාන්තාවන් සති ගණන්, මාස ගණන් මුදලට ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.