බදූර්දීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මරුට …
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාගේ නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ 16 හැවිරිදි දැරියක් පසුගිය ජුලි 03 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු අතර එම ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) මියගොස් තිබේ.
දැරිය රෝහල්ගත කරන අවස්ථාවේදී බාරකරුවන් පවසා තිබුණේ මදුරු දඟරයක් පත්තු කිරීමට යාමේදී ඇවිළුණු ගින්නකින් දැරිය තුවාල ලබා ඇති බවකි. කෙසේවෙතත් දැරියගේ ශරීරයෙන් 70%ක පමණ පිළිස්සුම් තුවාල සිදුවී තිබුණු බව සඳහන්. මේ අතර එම දැරියව මන්ත්‍රීවරයාගේ නිවසේ රැකියාවට යොමුකළ පුද්ගලයා ඇයගේ වයස සඟවා ඇති බවක් ද අනාවරණය වී තිබිණි.
බොරැල්ල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.