අල්ලස් කොමිසමේ වූ දේශපාලකයන්ගේ ලිපිගොනු ගණනාවක් අතුරුදහන්!
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති ඇතැම් දේශපාලනඥයන්ට හා රේගුවේ වංචා දූෂණවලට අදාළ ලිපිගොනු ගණනාවක් හදිසියේම අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
මෙසේ අතුරුදහන්ව ඇති ඇතැම් ලිපිගොනු එම ආයතනයේ ප්රධානියෙක් විසින් ආණ්ඩුවේ ප්රබලයන්ගේ නම් සඳහන් කරමින් අදාළ අංශවලින් රැගෙන ගොස් ඇති බවද පැවසේ.
මේ නිසා කොමිසමේ විමර්ශන හා නීති අංශයන්හි ඇතැම් නිලධාරීන් බරපතළම රාජකාරිමය සහ නීතිමය ප්රශ්නවලට මුහුණ දී ඇති බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.
එමනිසා එසේ අපහසුතාවට ලක්වූ නිලධාරීන් හැකි ඉක්මනින් ස්ථාන මාරු ලබාගෙන අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් ඉවත්ව යාමට උත්සාහ කරමින් සිටින බවද පැවසේ.